News

බහුදින ධීවර යාත්‍රා 30කට වැඩි ප්‍රමාණයක් මාලදිවයිනට ගසාගෙන යයි

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා 30 කට අධික සංඛ්‍යාවක් මාලදිවයින දෙසට ගසා ගෙන ගොස් ඇති බව ධීවර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ධිවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ පත්මප්‍රිය තිසේරා මහතා පැවසුවේ එම යාත්‍රාවලට මාලදිවයින මුහුදු සීමාවට ඇතුළුවීමට අවසර ඉල්ලා ඇති බවයි.

මේ අතර නැවත දැනුම් දෙන තුරු මන්නාරම පුත්තලම කොළඹ ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීමෙන් වලකින ලෙසට ධීවර දෙපාර්තමේන්තුව ඉල්ලා සිටීයි.