News

බ්ලූමැන්ඩල් සංඛ රක්ෂිත බන්ධනාගාරයට

ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වන රණසිංහ ආරච්චිගේ සංඛ හෙවත් බ්ලූමැන්ඩල් සංඛ නමැත්තා ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කළ නියෝගයකට අනුවයි.

බ්ලූමැන්ඩල් සංඛ අද ඉන්දියාවේ දිවයිටනට පැමිණීමෙන් පසු නීතිඥයින් මාර්ගයෙන් අධිකරණයට භාරවීමෙන් අනතුරුවයි.

මොහුට එරෙහිව මනුෂ්‍ය ඝාතන චෝදනා ඇති අතර ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වමින් සිටියදී බ්ලූමැන්ඩල් සංඛ එලෙස අධිකරණයට භාරවිය.