News

බ්‍රිගේඩියර්වරුන් 10කට උසස්වීම්

බි‍්‍රගේඩියර් නිලයේ සිටි නිලධාරීන් දස දෙනකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද මේජර් ජනරාල් නිලයට උසස් කරනු ලැබ ඇති බව යුද හමුදාව කියයි.

මෙම උසස්වීම් මැයි මස 10 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි සිදුකර ඇති බව යුද හමුදා වැඩබලන මාධ්‍ය ප‍්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනවිරත්න මහතා පැවසීය.