නවතම ප්‍රවෘත්ති

බ්‍රිතාන්‍යයේ සිටි ලාංකිකයන් පිරිසක් ලංකාවට

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් රාජධානියේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරණ ගුවන් යානය අද (19) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා විය.

ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය විශේෂ අවසරයක් මේ සදහා ලබා ගෙන ඇත.

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් රාජධානියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 148 දෙදෙනකු මෙලෙස පැමිණ ඇත.

මෙලෙස පැමිණි මගීන් සියලු දෙනා නීරෝධායනය සඳහා යොමු කිරිමට පියවර ගෙන තිබේ.