බාලදක්ෂ පුහුණුවේ ගැටය සිරවී සිසුවෙක් මරුට
බාලදක්ෂ ක්‍රියාකාරකමක් ලෙස ලණුවලින් විවිධ වර්ගවල ගැට දැමීමට නිවසේදී පුහුණුවෙමින් සිටි වයස අවුරුදු 14ක සිසුවකු ගැට සහිත තොණ්ඩුවකින් ගෙල සිරවී මියගොස් ඇතැයි ගම්පොළ කුරුදුවත්ත පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ කරගල මීතලාව ප්‍රදේශයේ පදිංචි ගිරාඋල්ල විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින සිටි කේ. පී. නිමෝත් ඉෂාන් නමැති සිසුවෙකි.
මියගිය සිසුවා පාසලේ පස්වරු 4.00 දක්වා බාලදක්ෂ පුහුණුවේ නිරතව සිට ඇති අතර, ඉන් අනතුරුව නිවසට පැමිණ ලණුවකින් ගැට ගැසීම පුහුණු වී ඇතැයි පොලීසිය කළ පරීක්ෂණ වලින් හෙළිවී ඇත.
මෙම පුහුණුවේදී රුවල් ගැටේ යොදා ලණුව බෙල්ලට දමා ගැනීමෙන් පසු කාමරයේ බාල්කයට ලණුව දමා පහළට බැසීමට උත්සාහ ගැනීමේදී ගෙල සිරවී සිසුවා මියගොස් ඇත.