බැංකුවලින් මුදල් හා ලියකියවිලි සොරකම් කළ පුද්ගලයින් තිදෙනෙකු මාට්ටු
දොම්පේ,පානදුර හා මහියංගනයේ වසා තිබු සමෘද්ධි බැංකු වලට රාත්‍රී කාලයේදී ඇතුළු වී මුදල් හා ලියකියවිලි සොරකම් කිරීම සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු කලුඅග්ගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී වෑන් රථයක්, ජීප් රථයක් ත්‍රි රෝද රථයක් හා ජංගම දුරකථන 03ක් සොයාගෙන ඇති අතර සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු යුධ හමුදාවෙන් පලා ගිය අය වේ.
මෙම සකකරුවන් තිදෙනාට අවිස්සාවේල්ල හා කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණ වල නඩු 20කට වඩා විභාගවන බවට විමර්ශන වලදී අනාවරණය වී ඇත. අත්අඩංගුවට පත් සැකකරුවන් තිදෙනා අද දින දොම්පේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.