Top Story

බැදුම්කර කොමිසමට බොරු කිව්වැයි රවි කරුණානායකට නඩු

බැදුම්කර කොමිසම හමුවේ සාවද්‍ය තොරතුරු ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (14වැනිදා) නඩුවක් ගොනු කරන ලදී.

ඒ අනුව මෙම මස 28වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි රවි කරුණානයක මන්ත්‍රීවරයාට නියෝග කොට තිබේ. මෙම නඩුව ගොනු කර ඇත්තේ මන්ත්‍රීවරයා විසින් 2017 අගෝස්තු 2වැනිදා බැදුම්කර කොමිසම හමුවේ ලබා දුන් කටඋත්තරයක් පදනම් කර ගනිමිනි. බැදුම්කර කොමිසම එහිදී මන්ත්‍රීවරයාගෙන් විමසා ඇත්තේ අල්ලසක් ලෙස අර්ජුන ඇලෝසියස් මහතාගෙන් නිවසක් ලබා ගෙන තිබුණේද යන්නයි. එවිට මන්ත්‍රීවරයාගේ පිළිතුර වී තිබුණේ “මම ඒ ගැන කිසිවක් දන්නෙ නැහැ” යනුවෙනි.