බැසිල්ගේ දිවි නැගුම නඩුවේ සාක්ෂි විභාගය ලබන 18 වනදා දක්වා කල්යයි
දිවි නැගුම සහනාධාරලාභීන්ට සෙවිලි තහඩු ඇතුළු නිවාස උපකරණ බෙදා දීමේදී රුපියල් මිලියන 36කට අධික මුදලක් සාපරාධී පරිහරණය කළේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවේ සාක්ෂි විභාගය ලබන 18 වනදා දක්වා කල් දමා ඇත.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණයේදී විභාගයට ගෙන ඇති අතර එම නඩුව මෙහෙයවන රජයේ නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තවත් නඩුවකට පෙනී සිටින බැවින් ඒ සදහා වෙනත් දිනයක් ඉල්ලා තිබේ .
ඒ අනුව මෙලෙස නඩුවේ සාක්ෂි විභාගය ලබන 18 වනදා දක්වා කල් දමා ඇත.
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ, ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධක්‍ෂක ජනරාල් බන්ධුල තිලකසිරි යන මහත්වරුන්ට එරෙහිව නීතීපතිවරයා විසින් මෙලෙස නඩු පවරා ඇත.