News

බිම්බෝම්බ පිපිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගයෙන් පරීක්ෂණ පැවැත්විය යුතුයි – මාවේයි සේනාධිරාජා

දිවයිනේ ස්ථාන කිහිපයක බිම්බෝම්බ පිපිරී‍ම් මාලාවක් සිදුව ජිවිත අහිමිවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වා ඊට සම්බන්ධ පුද්ගලයින් සියළුදෙනා අත්අඩංගුවට ගත යුතු බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක හා යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවේයි සේනාධිරාජා මහතා පවසයි.

දිවයින් පුරා බෝම්බ පිපිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් සේනාධිරාජා මහතාගෙන් විමසීමේදී හෙතෙම ‍එලෙස පැවසුවේය.

මන්ත්‍රීවරයා පැවසූවේ බෝම්බ පිපිරීමේ සිදුවීම් මාලාව වෙනුවෙන් සම්බන්ධ කණ්ඩායම් සම්බන්ධයෙන් බුද්ධි අංශ දැනුවත්ව සිටියදී ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගැනීම හා අදාළ ක්‍රියාමාර්ග නොගෙන කටයුතු කළ පිරිස් වෙත කඩිනමි පරීක්ෂණ තුළින් දඩුවම් ලබාදිය යුතු බවයි.

දකුණේ ජනතාවට සිදුවු ජිවිත හානි සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය ශෝකය ප්‍රකාශ කරන බවද මන්ත්‍රීවරයා පැවසු අතර, උතුරු නැගෙනහිර ජනතාවගේ ජිවිත වෙනුවෙන්ද තර්ජනයක් සිදුවිය හැකි බැවින් උතුරු නැගෙනහිර සියළු ආගමික ස්ථාන වෙත පූර්ණ ආරක්ෂාව ලබාදෙන ලෙසට රජයෙන් ඉල්ලීම් කොට ඇති බවද සේනාධිරාජා මහතා පැවසීය.

සේනාධිරාජා මහතා වැඩිදුරටත් පැවසූවේ ජාත්‍යන්තර විද්වත් මණ්ඩලයක සහයෝගයෙන් අදාළ සිදුවීම් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

වවුනියාව – මාධව කුලසූරිය