News

බියගම ජල පවිත්‍රාගාරයේ හදිසි බිඳ වැටීමක් – ප්‍රදේශ රැසකට හෙට උදෑසන 8තෙක් ජල සැපයුම නවතී

බියගම ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද රාත්‍රී 10.00 සිට හෙට උදෑසන 8.00 තෙක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කළේ මහර, බියගම, ගම්පහ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට, ජා-ඇළ ප්‍රාදේශීය සභා හා නගර සභා බල ප්‍රදේශය ,වත්තල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හා කටාන ප්‍රදේශීය සභා බල ප්‍රදේශයට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි.

බියගම ජල පවිත්‍රාගාරයේ හදිසි බිඳ වැටීමක් මෙම ජල කප්පාදුවට හේතුවී තිබෙනවා.