බීඩි කොළ කිලෝග්‍රෑම් 361ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට (Photos)
මන්නාරම,එරුක්කලම්පිට්ටි, නම වන පටුමඟ ප්‍රදේශයේ නිවසක සඟවා තිබු බීඩිකොළ කිලෝග්රැම් 361 ක් ඊයේ(08) අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ මන්නාරම දිසා විෂ මත්ද්‍රව්‍ය නාශකයේ නිළධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
ඇසුරුම් 12 ක් තුළ අදාළ බීඩි කොළ ඇසුරුම් අසුරා තිබු අතර, සැකකරු කලෙක පටන් ජාවාරම සිදුකළ පුද්ගලයෙකු වන බව අනාවරණය වි ඇති බවද පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූවේ ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් තීරු බදු රහිතව මන්නාරම වෙත බීඩි කොළ රැගෙන එන ජාවාරම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බවට තොරතුරු වාර්තා වි ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු හා බීඩි කොළ මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, මන්නාරම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



වවුනියාව – මාධව කුලසූරිය
