News

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම අද සිට

උත්සව සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් අද (11) සිට ලබන 20 වනදා දක්වා සිදුකරන බව පොලිසිය සඳහන් කරයි.

බීමත් රියදුරන් පරික්ෂා කිරිම සඳහා ස්වසන නළ 25,000 ක් ගෙන්වා ඇති බවත් ඒවා මේ වනවිට සියලු පොලිස් ස්ථාන වෙත යොමුකර ඇති බව පොලිස් මූලස්ථානයේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.