News

බීමත් රියදුරන් හතරදෙනෙකුට ලක්ෂ එක හමාරක දඩයක්

බීමතින් රිය පදවන්නන් අත් අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමත් සමග මොරවක පොලිස් බල ප්‍රදේශයේ බීමතින් රිය පදවන්නන්ගේ ප්‍රමාණය අඩුවී ඇති අතර මේ මාසයේ මුල් සති තුන තුලදී මොරවක පොලිසිය අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල බීමත් රියදුරන්ගේ ගණන හතරකි.

මෙම හතර දෙනාගෙන් දෙදෙනෙකුට රියදුරු බලපත්‍රය පවා තිබී නැති අතර මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු මොරවක කළුගලයාය ප්‍රදේශයේද අනෙක් තැනැත්තා බටහිර මිල්ලව ප්‍රදේශයේද පදිංචිකරුවන් වන අතර මෙම දෙදෙනාට මොරවක දිසා අධිකරණයේදී එක් අයෙකුට රුපියල් 50000 බැගින් දෙදෙනාට රුපියල් ලක්ෂයක දඩ නියම විය.

අනෙක් දෙදෙනා මොරවක පොල්ගස්විල හා අලපලාදෙනිය ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන අතර ඔවුනට එක් අයෙකුට රුපියල් 25000 බැගින් දෙදෙනාට රුපියල් 50000ක දඩ නියම විය.

මෙම පුද්ගලයින් මොරවක පොලිසියේ රථවාහන අංශයේ පො.සැ.රණතුංග (16829), පො.සැ.සිරිපාල (19770), පො.සැ.ප්‍රියන්ත (15878), පො.කො.සමන් (56087), පො.කො.කුමාර (45541), පො.කො.ධනුෂ්ක (66621) යන නිළධාරීන් විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.

මොරවක – ප්‍රසාද් විද්‍යාරූප