බීමත් රියදුරන් 4624ක් අත්අඩංගුවට
දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා පසුගිය 5 වැනිදා සිට අද උදෑසන 6.00 දක්වා තුළ සිදු කළ විශේෂ මෙහෙයුමේදී බීමත් රියදුරන් 4624දෙනක් අත්අඩංගුවට ගෙන ඇත.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සදහන් කළේ ඊයේ (21) උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා කාලය තුළ බීමත් රියදුරන් 237දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.
