News

බුද්ධි අංශයේ පහක් සහ පොලිස් නිලධාරීන් දොළහක් අත්තිඩිය මධ්‍යස්ථානයට

කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් පළමු කොවිඩ් ආසාදිත කත වාර්තාවීමත් සමග ඒ පිළිබඳ සොයා බැලීමට ගිය කෙසෙල්වත්ත පොලිසිය ඇතුළු පොලිස් ස්ථානවල බුද්ධි අංශවල පස්දෙනකු නිරෝධායනය සඳහා අත්තිඩියට යවා ඇත.

බුද්ධි නිලධාරීන්ට අමතරව කෙසෙල්වත්ත පොලිසියේ දොළොස්දෙනෙකුවද නිරෝධායනයට යොමුකර ඇත.

කොවිඩ් ආසාදිත කත වාර්තා වීමත් සමග පොලිස් බුද්ධි නිලධාරීන් ඇගේ නිවසට ගොස් බාල පුතුගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇත.

එම පුද්ගලයා අප්‍රේල් 17දා නිරෝධායනය වීමත් සමග මෙම පසුබිමේ වාර්තා ගැනීමට ගිය පොලිස් බුද්ධි අංශ සාමාජිකයන් නිරෝධායනයට යොමුකර තිබේ.

මෙම පිරිසට පොලිස්පතිවරයා යටතේ ඇති බුද්ධි අංශය වන විශේෂ කාර්යාංශයේ කෙසෙල්වත්ත පොලිසියට අයත් තිදෙනකු, කොටුව පොලිසියට අයත් එක් අයෙකු හා කෙසෙල්වත්ත පොලිසියේ බුද්ධි අංශ සාමාජිකයකුද වේ.

අත්තිඩිය යෝජිත පොලිස් විශ්ව විද්‍යාල ගොඩනැගිල්ලේ නිරෝධායන මධ්‍යස්ථානයට මොවුන් යොමුකර ඇත.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා