News

“ජීබුම්බා” ගම්පොළදි STF අත්අඩංගුවට

ඩුබායිහි අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කන්චිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු ගම්පොළ ගම්පොළවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ මාලිගාවත්ත ,මෛත්‍රී බෝධිරාජ මාවතේ පදිංචි මොහොමඩ් සම්මූර් මොහොමඩ් සියාම් නොහොත් ජීබුම්බා නමැත්තා අද අලුයම එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.

පොලිස් විශේෂ කාර්ය බලකාය අදාළ මෙහෙයුම කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

සැකකරු පසුගියදා මාළිගාවත්ත ප්‍රදේශයේදී කුඩු චූටි නමැත්තියට වෙඩි තැබීම ඇතුළු කොළඹ සිදු වූ වෙඩි තැබීම් රැසකට සම්බන්ධ බව පරීක්ෂණවලදී හෙළිව තිබේ.

33 හැවිරිදි ඔහු කළ අපරාධ සම්බන්ධයෙන් මේ වන විට ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.