බුස්සේ රැඳවියන් 46දෙනෙකුට කොවිඩ්
බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 46 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී ඇති බව වාර්තා වේ.
ගාල්ල සහ කලුතර යන දිස්ත්රික් අධිකරණ මගින් රක්ෂිත බන්ධනාගාරගත ගත කරණ රැදවියින් නිරෝධායනය කිරිම සදහා බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයට රැගෙන එන බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ වාට්ටුවක සිටි රැදවියෙකුට මුලින්ම කොරෝනා වෛරසය ආසාදනය වී තිබු අතර එම පුද්ගලයාගෙන් අනික් රැදවියන්ට කොවිඩ් වෛරසය ආසාදනය වන්නට ඇති බවට සැකකෙරේ.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රැදවියන් 150කට අධික පරිසක් පි.සි.ආර්. පරික්ෂණයට යොමු කර තිබේ.