News

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව තුළ සිදුවූ පහරදීමකට අදාළව අවශ්‍ය කරන ලද සැකකරුවකු වන බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ඔහු අද (22) උදෑසන බෙලිඅත්ත පොලිස් ස්ථානය වෙත ඉදිරිපත්වීමෙන් පසු අත්අඩංගුවට ගත් බවයි.

පසුගිය 18 වැනිදා බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව තුළ මෙම පහරදීම සිදුව ඇත.

සැකකරු අද (22) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.