බොරැල්ලේ ට්‍රැෆික් OIC බලන්න ජනපති යයි
රිය අනතුරකට ලක් වී බරපතල ලෙස තුවාල ලැබූ බොරැල්ල රථ වාහන අංශයේ ස්ථානාධිපතිගේ සුව දුක් බැලීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතික රෝහල වෙත පැමිණ ඇත.
පසුගියදා බම්බලපිටිය – ගාලූපාරේ, ඩුප්ලිකේෂන් – බුලර්ස් පාර මංසන්ධියේදී රාජකාරී කටයුත්තක් සඳහා අලූයම කාලයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම පොලිස් නිලධාරියා අනතුරට ලක් කොට ඩිෆෙන්ඩර් රථයක් පළා ගොස් තිබුණා.