බෝම්බ ප්රහාරවලට අදාළ සැකකරුවන් 40ක් අත්අඩංගුවට
පසුගිය ඉරිදා දිවයිනේ ප්රදේශ කිහිපයක සිදුවූ බෝම්බ ප්රහාරවලට අදාළව මේ වනවිට සැකකරුවන් 40 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ අදාළ සැකකරුවන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු පොලිස් කණ්ඩායම් විසින් එම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.