News

බෝම්බ පිපිරීම් වලින් මියගිය සංඛ්‍යාව 310 දක්වා ඉහළට

පාස්කු ඉරිදා දිනයේ සිදුවූ පිපිරීම් හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 310ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

තුවාලකරුවන් 500ක් පමණ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

එමෙන්ම මෙම ප්‍රහාරය හේතුවෙන් විදේශ ජාතිකයින් 31කු මේ වන විට මිය ගොස් ඇති බව වාර්තා වේ.

මෙරටට පැමිනි විදේස් සංචාරකයින් 14කු අතුදන් වී සිටින බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

පිපිරීම් සම්බන්ධයෙන් මේවන විට සැකකරුවන් 24දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

දිවයින් පුරා පෙරේදා (21) දිනයේ පිපිරීම් 8ක් සිදු විය.