News

භූතානයෙන් විශේෂ යානයක් කටුනායකට

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටි භූතාන ජාතික සිසුන් 86 දෙනෙකු රැගෙන යෑම සදහා එරට සිට විශේෂ ගුවන් යානයක් අද(30) දහවල් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි

අද දහවල් 11.20 ට භූතානයේ පාරෝ ගුවන් තොටුපළේ සිට භූතානයේ බෙල්විව් ගුවන් සේවයට අයත් බී – 3722 දරන මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එම සිසුන් පිරිස ද රැගෙන යළිත් මෙම ගුවන් යානය යළිත් අද දින දහවල් 12.30 ට භූතානයේ පාරෝ ගුවන් තොටුපළ බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ .