News

මංගලගේ උත්සවයට පැමිණි බටහිර නියෝජිතයෝ ලංකාවේ දේශපාලනයටත් හොම්බ දමති

මුදල් ඇමැති මංගල සමරවීරගේ දේශපාලන දිවියට වසර 30ක් පිරීම නිමිත්තෙන් පසුගිය 28 වැනි දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයට පැමිණි බටහිර රටවල විදේශ නියෝජිතයන් මෙරට පක්ෂ හා විපක්ෂ දේශපාලනඥයන් හමුවී පවතින දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

මෙසේ පැමිණි විදේශ නියෝජිතයන් බහුතරය මීට පෙර මෙරට තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් ලෙස කටයුතු කළ අය වේ. දැනට ඔවුහු ශ්‍රී ලංකාව ඇතුළත් කලාපය භාරව එම රටවල නියෝජිතයන් ලෙස කටයුතු කරමින් සිටිති.

ඔවුන් මෙරට පක්ෂ හා විපක්ෂ දේශපාලනඥයන් හමුවී සාකච්ඡා කර ඇත්තේ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා, මෛත්‍රීපාල ජනාධිපතිවරයාට ඊළඟ අවස්ථාවේදී ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වුවහොත් පක්ෂ වලින් ලැබෙන සහාය, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සහ පළාත් සභා මැතිවරණය ප්‍රමාද වීම ආදී ප්‍රශ්න ගණනාවක් සම්බන්ධයෙන් ඇති බව වාර්තා වේ.

චමින්ද සේනාරත්න