News

මගීන් 157 සමඟ ඉතියෝපියානු ගුවන්යානයක් කඩා වැටේ

ඉතියෝපියානු ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් කෙන්යාවේ නයිරෝබි නුවර වෙත ගමන් ගනිමින් සිටියදී හදිසියේ කඩා වැටී තිබේ.

අඩිස් අබාබා අගනුවරින් නික්මුණු බෝයිං 737 වර්ගයේ මෙම යානයේ මගීන් 149 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු සිටි බව සඳහන් වන අතර අනතුර සිදුවූ ස්ථානය හෝ එය සිදුවූ ආකාරය මෙතෙක් අනාවරණ වී නොමැත.

යානයේ ගමන් ගත් මගීන්ගේ පවුල් වෙත ඉතියෝපියානු අග්‍රාමාත්‍ය කාර්යාලය කණගාටුව පළ කිරිමේ නිවේදනයක් නිකුත් කර ඇත.

ඉතියෝපියානු ගුවන් සේවය අප්‍රිකාවේ විශාලතම ගුවන් සේවය වන අතර මහද්වීපයේ පිවිසුම් දොරටුව බවට පත්වීමේ අරමුණින් සිය මෙහෙයුම් පසුගිය කාලය තුළ පුළුල් කර තිබේ.