මගී බස්රථ 9කට තහනම් නියෝග
විවිධ දෝෂ අඩුපාඩු සහිතව ධාවනය කළ මගී බස්රථ නවයකට තහනම් නියෝග නිකුත් කර තිබේ.
ඒ, ඊයේ (27) බදුල්ල පිංඅරාව ප්‍රදේශයේදී බදුල්ල මෝටර් රථ වාහන පරීක්ෂක කණ්ඩායමක් සහ බදුල්ල පොලීසියේ රථ වාහන නිලධාරීන් සමග එක්වී සිදුකළ හදිසි රථ වාහන පරීක්ෂාවකදීයි.
බදුල්ල මෝටර් රථ වාහන පරික්ෂක උපුල් හේරත් මහතා පැවසුවේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් මගී බස්රථ හයකට සහ පෞද්ගලික මගී බස්රථ තුනකට මෙම තහනම් නියෝග නිකුත් කළ බවයි.
එම බස්රථ වල අඩුපාඩු දින දහයක් ඇතුලත අලුත් වැඩියා කර ඉදිරිපත් කරන ලෙසට නියෝග කර තිබේ.