News

මඩකලපුව විශ්වවිද්‍යාලයේ කටයුතු උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට

මීට වසර කිහිපයකට පෙර මඩකලපුව ප‍්‍රදේශයේ ආරම්භ කළ විශ්ව විද්‍යාලය ඉදිරියේදී අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශවල නීති රීති යටතේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ලෙස පවත්වාගෙන යාමට අපේක්‍ෂා කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කර තිබේ.

පසුගිය අප්‍රේල් 26 වැනිදා ල්මුණේ, සයින්දමර්දු ප‍්‍රදේශයේ සිදුවූ බෝම්බ පිපිරීම සිදු වූ ස්ථානය නිරීක්ෂනය කිරීමෙන් අනතුරුව නැගෙනහිර පළාත් රාජ්‍ය නිලධාරින් සහ පළාතේ මුස්ලිම් තරුණ තරුණයන් හමු වූ අවස්ථාවේදී ඊයේ ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය.

එහිදී එම විශ්වවිද්‍යාලය මඟින් පවත්වාගෙන යනු ලබන විෂය මාලා පිළිබඳව පැහැදිලි තීරණයක් ගැනීමට නියමිත බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.