News

මඩකලපුව විශ්වවිද්‍යාලය සම්බන්ධව විමසීමට රාජ්‍ය ආයතන 4ක ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට

මඩකලපුව විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් කරුණු විමසීමට අදාළව රාජ්‍ය ආයතන 4ක ප්‍රධානීන් අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වන කෝප් කමිටුව හමුවට කැදවා ඇත.

මෙලෙස කැදවා ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශ සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශ ලේකම්වරුන් මෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රධානීන් බව වාර්තා වන අතර මඩකලපුව විශ්වවිද්‍යාලය, වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ද එසේත් නැතහොත් විශ්වවිද්‍යාලයක් ද යන්න පිළිබඳව මෙම කරුණු විමසීමේදී වැඩි අවදානයක් යොමු කිරීමට නියමිතව ඇත.