මඩකළපුවේ දිගටම හර්තාල්
කොරෝනා පරීක්ෂණ සඳහා පුද්ගලයින් මඩකළපුව ශික්ෂණ රෝහලට ගෙන ඒම නතර කරන්නැයි හා මඩකළපු පෞද්ගලික විශ්වවිද්‍යාල කොරෝනා නිරෝධාන මධ්‍යස්ථානයක් කිරීමට විරුද්ධව හර්තාල් ක්‍රියාත්මක වේ.
හර්තාල් නිසා කාත්තණ්කුඩි ඒරාවුර් ඇතුළු ප්‍රධාන නගර පාළුවට ගොස් තිබේ. පාසල් බැංකු හා පෞද්ගලික ආයතනද වසා ඇත. එහෙත් ප්‍රවාහන සේවය අඩපණ වී නොතිබිණි.
මඩකළපුව ශික්ෂණ රෝහලේ කොරෝනා ප්‍රතිකාර අංශයක් ලෙස පරිවර්තනය කිරීමට විරුද්ධ වූ මඩකළපුව දිස්ත්‍රික්ක නීතිඥ සංගමය ඊයේ (12 වැනිදා) මඩකළපුව අධිකරණය ඉදිරිපිටදී වර්ජනයක් පැවත්වීය.
අධිකරණය කටයුතු වර්ජනය කර අධිකරණය කොරෝනා වෛරසය මඩකළපුවට එපා, කොරෝනාවලට ඉලක්කය නැගෙනහිරද? මඩකළපුව සොහොනක් නොකරනු යන පාඨ සඳහන් පුවරු රැගෙන අරගලයේ ඔවුහු යෙදුණි
කොරෝනා වෛරස් රෝගයට ගොදුරු වූවන්ට ප්‍රතිකාර ලබාදීම මඩකළපුව ශික්ෂණ රෝහලේ කිරීම මුළු දිස්ත්‍රික්කයටම බලපාන බව මඩකළපුව දිස්ත්‍රික්ක නීතිඥ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ පේරින්බ ප්‍රේමනාත් මෙහිදී පැවසීය.
ටී.එල්. ජව්ෆර්කාන්
