මත්තල ගුවන් තොටුපළ තුලදී ගුවන් යානයක ගින්නක් හටගනී
ඕමානය බලා පිටත්වීමට සූදානම් වූ පෞද්ගලික ගුවන් යානයක මත්තල ගුවන් තොටුපළ තුලදී ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වේ.
මෙය රුසියාවේ නිෂ්පාදිත ඇන්ටොනෝව් – 12 වර්ගයේ , එන්ජින් දෙකකින් බල ගැන්වෙන භාණ්ඩ ප්රවාහන ගුවන් යානයක් වන අතර එම අවස්ථාවේ එහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු කාර්යය මණ්ඩලය 07 දෙනෙකු සිට ඇත.
මත්තල ගුවන් තොටුපළ ගිනි නිවීම් ඒකකය පැමිණ ගින්න නිවා දමා තිබේ. එම ගුවන් යානය රුසියාවේ නිෂ්පාදිත අන්ටනොවෝ – 12 වර්ගයේ යානයක් වන බව වර්තා වේ.