News

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් බන්ධනාගාරගත නොකිරීමේ තීරණයක්

 

 

ඉදිරියේදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් බන්ධනාගාරගත නොකර පුනරුත්ථාපානය සඳහා යොමු කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂාව පිලිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරනවා.

මේ සඳහා නීති අනපනත් ද සංශෝදනය කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

වැඩිදුර අදහස් දැක්වූ සරත් වීරසේකර අමාත්‍යවරයා,

“ග්‍රෑම් 2ක් තියා ගත්තොත් මරණීය දණ්ඩනය නියම වෙන්නේ. නමුත් සමහර ග්‍රෑම් 2ක හෙරොයින් ක්ෂුද්‍ර බර මිලිග්‍රෑම් 100ක්වත් නෑ. රසපරීක්ෂක වාර්තාව එනකම් අදාළ පුද්ගලයා වසර එකහමාරක් පමණ කාලයක් බන්ධනාගාරයේ ඉන්නවා. ඒ කාලය තුළදී ඔහු දරුණු අපරාධකරුවෙක් වෙලා තමයි එළියට එන්නේ. ඒ නිසා අපි මීට පස්සේ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැයි වෙච්ච අයව බන්ධනාගාරගත කරන්නේ නැතුව ඔවුන්ව කෙලින්ම පුනුරුත්ථාපනයට යවනවා. ඒකට නීති සංශෝධනය කරනවා.”