News

මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීමට ඕනෑම පාර්ශවයකට ජනපතිගෙන් සහයෝගය

මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සදහා පියවර ගන්නා ඕනෑම පාර්ශවයකට සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැනිලා නුවරදී පවසයි.

පිලිපීනයේ සිව්දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපතිවරයා එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් මැනිලා නුවරදී ඊයේ හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර ඇති අතර මත්ද්‍රව්‍ය මර්දනයට පොලීසියට අමතරව, ත්‍රිවිධ හමුදාව ද යොදවා ඇති බව එහිදී ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.