News

මත්ද්‍රව්‍ය කිලෝ 20ක් සහ ගිනිඅවි 7ක් සමග පාතාලයේ 4ක් STF අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ වැටලීමකින් මත්ද්‍රව්‍ය තොගයක් සමග පාතාලයේ සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.

ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ, වත්තල, හේකිත්ත ප්‍රදේශයේ නිවසක සිටියදී ය.

එහිදී පසුගිය දා අත්අඩංගුව ගත් මොහොඩ් සම්මුර් මොහොමඩ් සියාම් නොහොත් ජීබුම්බාගේ ගෝලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කළේ, ඔවුන් සමග හෙරෙයින් කිලෝග්‍රෑම් 17 ක්, කොකේන් කිලෝග්‍රෑම් එකක්, ඈෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 500 ක්, මයික්‍රෝ වර්ගයේ පිස්තෝල 2 ක් සහ පිස්තෝල 5 ක්, ව්‍යාජ අංක තහඩු 15 සහ අත්විලංගු යුවළක් ද සොයාගත් බවයි.