මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ගත් තීරණයේ වෙනසක් නැහැ – ජනපති
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව පසුගිය සිව් වසර තුළ ගෙන ගිය වැඩපිළිවෙළ ඉදිරි සතියේ සිට නව මුහුණුවරකින් කි‍්‍රයාවට නංවන බව ජනාදිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට රජය ගත් තීරණය කුමන අන්දමකින්වත් වෙනස් නොකරන බව මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය ප්‍රකාශයට පත් කරමින් අද (21දා) පෙරවරුවේ මුලතිව් මුල්ලියාවෙලෙ විද්‍යානන්දන් මහා විද්‍යාලයේ පැවැති වැඩසටහන අමතමින් ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.