මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ළඟදීම – ජනපති
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ළඟදීම සිදුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.
අද (30) දින මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ මාතර දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටි අතර LTTE ත්‍රස්ත කණ්ඩායම විනාශ කළ සේම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ද මෙරටින් තුරන් කිරීමට පියවර ගන්නා බව එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.