මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන දැනුම් දෙන්න නව අංකයක්
මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ හා සිදුවීම් පිළිබඳ පැමිණිලි ලබාදීම සඳහා ‘1984’ ක්ෂණික දුරකතන අංකය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මුලතිව් විද්‍යානන්ද විද්‍යාලයේ පැවති මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතියේ සමාරම්භක උත්සවය අතරතුරදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම අංකය ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව රටේ ඕනෑම පුරවැසියෙකුට 1984 දුරකතන අංකය ඔස්සේ තොරතුරු ලබාදිය හැකියි.
මත්ද්‍රව්‍ය උවදුර පාලනය හා මර්දනය සඳහා ජනාධිපතිවරයා විසින් ගෙන යන වැඩපිළිවෙලේ විශේෂ අදියරක් ලෙස මෙම මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නම් කර තිබෙනවා.
මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය අද සිට ලබන 28 වනදා දක්වා ක්‍රියාත්මකයි.