News

මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමේ යහපත් තත්ත්වයක් මෙම වසර මැද භාගය වන විට අත්විඳීමට හැක – ජනපති

මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමේ රජයේ ක්‍රියාන්විතයේ වඩා යහපත් තත්ත්වයක් මෙම වසර මැද භාගය වන විට රටටත් ජනතාවටත් අත්විඳීමට හැකිවනු ඇති බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය වෙනුවෙන් රජය ආරම්භ කර තිඛෙන පුළුල් සහ ශක්තිමත් වැඩපිළිවෙළ ඊට හේතු වී ඇති බව ජනාධිපතිවරයා කියා සිටියි.

අද (21) පෙරවරුවේ හම්බන්තොට පරිපාලන සංකීර්ණයේ පැවති ග්‍රාමශක්ති දකුණු පළාත් මෙහෙයුම් කමිටුව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළ අතර දිළිදුකමින් පීඩාවිදින ජනතාව ඉන් මුදාගෙන ඔවුන්ගේ නිෂ්පාදන ආර්ථීකය ඉහළනැංවීම ග්‍රාමශක්ති වැඩපිළිවෙළේ අරමුණ බවද ප්‍රකාශ කළේය.

මත් උවදුර පාලනය ඇතුළු ජනතාව දිළිදුකමට ඇද දමන සියලූ තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කරමින් ශක්තිමත් ආර්ථීකයක් සහිතව ස්වශක්තියෙන් නැගී සිටින ජාතියක් ගොඩනැගීමට ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය මඟින් මේ වන විට පුළුල් වැඩකොටසක් ඉටුවෙමින් තිඛෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.