News

මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය හා පාලනය පිළිබද නව ජාතික වැඩසටහන හඳුන්වාදීම හෙට

මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය හා පාලනය පිළිබද නව ජාතික වැඩසටහන හෙට දිනයේදී රටට හඳුන්වා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

මේ බව ජනාධිපතිවරයා කියා සිටියේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම, භාවිතය, පිටුදැකීම හා නිවාරණය උදෙසා විද්‍යාත්මක ක්‍රමෝපායන් පුළුල්ව, සමබරව සහ මනා සම්බන්ධීකරණයකින් යුතුව යොදා ගැනීම පිළිබද විද්වත් සමුළුවේ සමාරම්භක උත්සවයට කොළඹ දී අද එක්වෙමිනි.