මදුෂ්ගේ ගෝලයා ‘ජංඟා’ගේ නිවසින් හමුදා නිල ඇඳුම් හා පතොරම් තොගයක් හමුවෙයි
පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින සැකකරුවෙකුගේ නිවසකින් උණ්ඩ තොගයක් සහ යුද හමුදා නිල ඇඳුම් තොගයක් පොලිසිය විසින් සොයාගෙන ගෙන ඇති බව වාර්තා වෙයි.
අදාළ පිරිස අතර සිටින මධූෂ්ගේ ගෝලයෙකු වන තුඹේ හේවාදුරගේ අනුෂ්ක කවිශාල් නොහොත් ‘ජංඟා’ නමැත්තාගේ මාතර, ගන්දර පිහිටි නිවස පරීක්ෂා කිරීමේදීයි මෙම උණ්ඩ සහ ඇඳුම් තොගය සොයාගෙන ඇති අතර යුද හමුදා නිල ඇඳුම් 18ක් සහ ටී -56 ජීව උණ්ඩ 23 මෙලෙස සොයාගෙන ඇත.