News

මදුෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගත් තවත් පුද්ගලයින් දෙදෙනෙකු පිටුවහල් කෙරේ

ප්‍රබල පාතාල නායක මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු පිටුවහල් කර ඇත.

ඒ අනුව ඔවුන් දෙදෙනා අද අලුයම 5.10 ට පමණ දිවයිනට පැමිණ ඇති අතර දිවයිනට පැමිණියේ 37 හැවිරිදි මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසර් සහ 30 හැවිරිදි මොහොමඩ් මුෆාර් මොහොමඩ් ජබීර් යන පුද්ගලයින් දෙදෙනෙකි.

කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් ඔවුන් දෙදෙනාගෙන් මේ වනවිට ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළ අතර ප්‍රබල පාතාල කල්ලි නායක මාඳුකරේ මදුෂ් සමග ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත් වු පිරිසෙන් මේ වන විට දිවයිනට පිටුවහල් කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව 15ක් වෙයි.