මධ්‍යස්ථාන 45 ක පුද්ගලයින් 3506 ක් නිරෝධායනයට
නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ගෙන යන වැඩපිළිවෙල යටතේ මේ වන විට පුද්ගලයින් 3506 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන 45 කට යොමු කර ඇති බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
නිරෝධායනය සඳහා යොමු කර ඇති පුද්ගලයින් අතර විදේශිකයින් 31 දෙනෙකු ද වනවා.
මේ අතර මාර්තු 01 වනදා සිට 15 වනදා දක්වා කාලයේදි විදේශයන්හි සිට දිවයිනට පැමිණි පුද්ගලයින් 15000 ක් පමණ ලියාපදිංචි වී ඇති බවට සෞඛ්‍ය අංශ / යුධ හමුදාව සහ පොලිසිය සහ බුද්ධි අංශ සිදුකළ විමර්ශනවලදී තහවුරු වී ඇත.
