News

මධුෂ්ගේ ගෝලයා අසේලව දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

පාතාල නායක මාකදුරේ මදුෂ්ගේ ගෝලයෙකු වූ හෙට්ටිආරච්චිගේ අසේල එරංග නැමැති පුද්ගලයා දින 07ක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය විසින් අවසර ලබා දී තිබෙන බවට වර්තා වෙයි.

අද (12) සැකකරු අධිකරණයට හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම අවසරය ලැබී ඇති අතර ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ ජීව උණ්ඩ 20ක් සමඟ සැකකරු තංගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 10 වනදාය.