News

මධුෂ් ඇතුළු පිරිස පිටුවහල් කිරීමට සාකච්ඡා

ඩුබායිහිදී අත්අඩංගුවට පත් පාතාල කල්ලි නායකයෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස ලංකාවට පිටුවහල් කිරීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.

මේ බව වාර්තා කරන්නේ කලීජ් ටයිම්ස් පුවත්පත වන අතර ඩුබායි බලධාරීන් සමග ශ්‍රී ලංකාවේ අදාළ අංශයන් මේ වන විට සාකච්ඡා පවත්වන බවද එම පුවත් සේවය වාර්තා කරයි.

එමෙන්ම ඩුබායිහිදී අත්අඩංගුවට පත් පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් සමග අත්අඩංගුවට පත්වූ පිරිස අතර රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් හිමි අයෙක්ද සිටින බව තොරතුරු වාර්තා වී ඇත.

කලීජ් ටයිම්ස් පුවත්පතමේ පිළිබඳව තොරතුරු වාර්තා කරන අතර ඩුබායි හා ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ඒකාබද්ධව පැවැත්වූ මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්ද සොයාගෙන ඇතැයි එම පුවත් සේවය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරයි.