මධූෂ්ව බෙදා ගන්න බැරිව දගලනවා කට්ටිය – දැන් කුඩුවලින් රොටි පුච්චනවාද මන්දා
මේ වන විට විශාල වශයෙන් ශ්‍රී ලංකාවෙන් හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්නා බවත් මධූෂ් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුමේ ලකුණු දා ගැනිමට බොහෝ පිරිස් කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ අද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ.
“දවස ගාණේ මත්ද්‍රව්‍ය කිලෝ ගණන් වලින් ඇහෙන්නේ. දැන් කුඩුවලින් රොටි පුච්චනවාද මන්දා. කොකේන් වගේ නොයෙක් නම් වලින් මත්ද්‍රව්‍ය රට පුරා යනවා.
මධූෂ්ව බෙදා ගන්න බැරිව දගලනවා කට්ටිය. මම ඇල්ලුවේ කියනවා. කිරිඇල්ල උන්නැහේ කියනවා අපි කේ.පි වගේ ගේන්නලු හිටියේ. එතුමාගේ බාප්පගේ පුතා වෙන්න ඇති.
හරියට චූටි බබෙක් ගේන්න හිටියා වගේ. අද හිටපු පොලිස් ඇමැති කියනවා මෙය අපේ ආණ්ඩුවේ සැලසුමක් අනුව ක්‍රියාත්මක වුණු ඒකක්ලු. කුඩු ටික නම් ඒ ආණ්ඩුවෙන් ආවා. මධූෂ් පැන්නා කිව්වා නම් මේ කටවල් ටික ඔක්කොම වැහෙනවා. අපි නෙවෙයි ඇල්ලුවේ කියයි.”