මන්නාරමේ ළිදක බෝම්බ තොගයක් සමග කිඹුල් පැටියෙක්
මන්නාරම, මුරුන්කන් ප්‍රදේශයේ ගෙවත්තක ළිඳක් තුල තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඊයේ(09) ගොඩගත් බව මුරුන්කන් පොලිසිය පවසයි.
ළිඳ පිරිසිදු කරන අවස්ථාවේ ගෙහිමියා අදාළ පුපුරණ ද්‍රව්‍ය දැක පොලිසිය දැනුවත් කොට ඇති අතර, පොලිසිය මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය මගින් පුපුරණ ද්‍රව්‍ය ගොඩගෙන තිබිණි.
ළිඳ තුළ සිටි කුඩා කිඹුල් පැටියෙකුද පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ගොඩ ගෙන වනජීවියට බාර දී තිබුණු අතර ගොඩගත් පුපුරණ ද්‍රව්‍ය මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ නිශ්ක්‍රීය කිරීමට නියමිතය.