මරණ දඩුවම හිමි බන්ධනාගාර රැදවියන් පිරිත් සජ්ඣායනා කරයි
අගුනුකොලපැලැස්ස බන්ධනාගාරයේ මරණ දඩුවම හිමිවී සිටින හා ජිවිතාන්තය දක්වා සිරදඩුවම් විදින රැදවියන් විසින් සියලු දෙනාහට සෙත් පතා ඊයේ (31) වනදා රාත්‍රී අගුනුකොලපැලැස්ස බන්ධනාගාරයේ නරබුම් කුළුන මත සිට පිරිත් සජ්ඝායනා පින්කමක් පවත්වන ලදී.
පසුගිය වසරේ 10 මස 21 වනදා දින සිරකරුවන් පිරිසක් විසින් ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් විරෝධතාවය දැක්වීම සදහාද යොදා ගැනුනේ මෙම කුළුන වන අතර නමුත් එම කුළුන මත සිටම රැදවියන් මෙසේ පිරිත් සජ්ඝායනා කිරීම විශේෂ කාරණයක් විය.
බන්ධනාගාර ගතව සිටින රැදවියන්ගේ මානසික ශක්තිය වර්ධනය කරම්නින් ඔවුන් යහමගට ගැනීමේ අදහස් ඇතිව මෙම වැඩසටහන සංවිධානය කර තිබු අතර මේය අගුනුකොලපැලැස්ස බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරි ඒ .ඩබ්ලිවු .එස් , ධම්මික මහතාගේ උපදේශ මත ප්‍රධාන ජේලර් ප්‍රදීප් කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ ,සුභ සාධන නිලධාරි රනිල් මහතා විසින් සංවිධානය කර තිබිණි.