News

මරදානෙන් හිමිකරුවෙකු නොමැති හෙරොයින් හමුවෙයි

මරදාන ප්‍රදේශයේ ඩී.ආර් විජේවර්ධන මාවතේ තිබි හෙරොයින් කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිළධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී හිමිකරුවෙකු නොමැති මෙම හෙරොයින් තොඟය සොයාගෙන ඇති අතර එහි හෙරොයින් කිලෝග්‍රැම් 01යි මිලිග්‍රෑම් 30ක් තිබී ඇත.

සිද්ධියට අදාල සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.