News

මල්වතු පාර්ශවයේ මහනායක හිමිගෙන් ජනපතිට ලිපියක්

පවතින දැඩි අර්බුදකාරි තත්ත්වය හමුවේ ජනාධිපතිවරයාගේ මැදිහත්විමෙන් පාර්ලිමේන්තුව රැස්කර කඩිනම් තීරණයක් ගන්නා ලෙස මල්වතු පාර්ශවයේ මහනායක හිමි ජනාධිපතිගෙන් ලිපියක් මගින් ඉල්ලීමක් කර තිබේ.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ ඒ තුළින් ව්‍යවස්ථානුකූලව හා දේශපාලනික සදාචාරාත්මක භාවය ආරක්ෂා කර ගනිමින් නිසි පියවරක් ගැනීමට හැකි වනු ඇති බවට විශ්වාසය පල කරන බවත් ස්ථිර ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කිරීම තුලින් රටේ දැනට පවතින දැඩි අර්බුදකාරී තත්ත්වය සමනය කර රටේ අභිවෘදිය සුරක්ෂිත කරමින් තිරසාර රටක් ඇති කිරීමට නිසි පියවර ගත යුතු මොහොතකට රට පත්ව ඇති බවත්ය.