මලික්ට එරෙහිව විශ්වාශභංගයක් ගෙන්න විමල්ගෙන් යෝජනාවක්
අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආයුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී අද (5 ) යෝජනාවක්ඉදිරිපත් කර ඇත.
ශ්‍රී ලංකා, සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීමේදී සිදුව ඇති බව ජනාධිපතිවරයා පත්කළ විද්වත් කමිටුවෙන් හෙළි කර ඇති බැවින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙනආ යුතු බවට මන්ත‍්‍රීවරයා යෝජනා කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම විපක්‍ෂය ලෙසින් රජයට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් මන්ත‍්‍රී කණ්ඩායමට පවසා ඇති අතර රජයට විරෝධය පළකරමින් දෙවුන්දර සිට කොළඹට පාගමනක් සංවිධානය කිරීමටද මන්ත‍්‍රී කණ්ඩායමට යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.