News

මව සහ පුත්‍රයා විෂ ශරීරගත වී මරුට

මව සහ පුත්‍රයා විෂ ශරීරගත වී මරුට

පොළොන්නරුව පිහිටිවැව නුවරගල ප්‍රදේශයේ මවක සහ පුත්‍රයෙකු විෂශරීර ගත විමකින් ඊයේ (02) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 06 හැවිරිදි පිරිමි දරුවෙකු සහ 28 හැවිරිදි දෙදරු මවක බව පොලිසිය සඳහන් කරයි.

ඇයගේ තුන් හැවිරිදි පුතුටද විෂ ශරීර ගත වී ඇද්ද යන සැකය මත දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම සිදුවීම දිවි නසා ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.