මහනුවර නයිට් බසාර් පොළට එරෙහිව බස් රථ සේවකයන් විරෝධතාවයක
මහනුවර නගරයේ ශ්‍රී වික්‍රමරාජ සිංහ මාවතේ අද (29) දින විවෘත කිරීමට නියමිත වෙළඳ පොලකට එරෙහිව විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
අම්පිටිය, පැණිදෙණිය, මහකන්ද, අරුප්පොල, ලේවැල්ල,යක්හගපිටිය,පිළිමතලාව යන මාර්ගවල බස්රථ රියදුරන් කොන්දොස්තරවරුන් හා ත්‍රීරෝද රථ රියදුරන් හා ජනතාව මෙම විරෝධයට එක්ව සිටියහ.
අදාළ පිරිසගේ බස් රථ මහනුවර නගරයේ ශ්‍රී වික්‍රමරාජ සිංහ මාවතේ පිහිටා ඇති බවත්, එම ස්ථානයේ වෙළඳ කුටි ස්ථාපිත කර ඇති හේතුවෙන් බස් ගාල් කිරීමට නොහැකි බවත්, පවසමින් මාර්ගය හරස්කරමින් බස් රථ ධාවනයෙන් ඉවත්ව විරෝධතාවයේ යෙදී ඇත.